හෙට සිට පාට පොල් වෙළදපොළට

රජය සතු පොල් තොග, හෙට සිට ගෙඩියක් රුපියල් 65 ක මිලකට වෙළදපොළට නිකුත් කරන බව පොල් වගා කිරිමේ මණ්ඩලය පවසයි.
එහි සභාපති කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කළේ, කුඩා පරිමාණ පොල් වගාකරුවන්ගෙන් ලබාගත් පොල් තොග ද මෙහිදී වෙළදපොළට නිකුත් කරන බව ය.
ජංගම රථ යොදා ගනිමින් බෙදා හරින මෙම පොල් තොග, හඳුනාගත හැකි ආකාරයෙන් වර්ණ ගන්වා ඇති බව ද කපිල යකන්දාවල මහතා සඳහන් කළේය.
එසේ කිරීමට හේතුව නැවත නැවත විකිණිම වැළක්වීමටයි.
ලබන බදාදා සිට සතොස වෙළඳසැල් මගින් ද අඩු මිලට පොල් මිලදී ගත හැකි බව කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ පැවති නියං කාලගුණය හේතුවෙන් පොල් අස්වනු ලැබීම පහළ ගියේය.
මේ හේතුවෙන් රට තුළ ඇති වූයේ පොල් හිඟයකි.
කොළඹ, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලට ඉන් වැඩිම බලපෑමක් එල්ල විය.
ඒ අනුව පොල් ගෙඩියක් අලෙවි වූයේ රුපියල් 80 ත් 100 ත් අතර මිලකටයි.


No comments

Powered by Blogger.