ලොව දිගම ඔසරි පොට පාසල් සිසුන් අතින් නුවරදී

ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මනාලියක් අද (21) මහනුවර ගන්නෝරුවේදි  මංගල ගමන් ඇරඹුවාය.
ලොරියක පටවා තිබූ ඔසරි ‍පොට ලොරියේ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගයේ එක පෙළට රැස්ව සිටි පාසෙල් සිසුවියන් 250 දෙනකු විසින් අල්ලා ගනු ලැබ සිටියහ.
උඩරට මනාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3200කින් සමන්විත විය.
මනාල යුවළ අද (21) පෙරවරුවේ මහනුවර ගන්නෝරුව මංසන්ධියට පැමිණීමෙන් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම සඳහා නම්කර තිබූ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබීය.
මෙයට ‍ප්‍රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉන්දියානු කාන්තාවක් වන අතර ඇය මීටර 2800 ක දිගින් යුත් සාරිපොටක් සහිත සාරියක් ඇඳ ගිනස් වාර්තාව පිහිටුවා තිබිණි.
මනාලියට සාරිය ඇන්දවීම ප්‍රවීන රූපලාවන්‍යය ශිල්පිනී ඉන්ද්‍රමාලා රාජපක්ෂ මහත්මිය විසින්ද සාරිය සැපයීම මාලා සාරි ආයතනයේ මංජුල තිලකරත්න මහතා විසින්ද සිදුකරනු ලැබ තිබේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස පැමිණ සිටි අතර විවාහය සඳහා මල්කුමාරියන් 40 ක් සම්බන්ධව සිටීමද විශේෂත්වයකි.






No comments

Powered by Blogger.