කොරියන් විභාගෙට තව දවසක්

අයහපත් කාලගුණය හේතුවෙන් කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වීමට නොහැකි වූ අපේක්‍ෂකයින්ට වෙනත් දිනයක් ලබාදීමට කොරියා මානව සම්පත් අංශය තීරණය කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 27 වනදා කොරියා භාෂා ප්‍රවීණතා විභාගය පරිගණක ආශ්‍රයෙන් පැවැත්වුණා. අයැදුම්කරුවන් 22,882දෙනෙකු ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණා.
අයහපත් කාලගුණය හේතුවෙන් බොහෝ පිරිසකට විභාගයට පෙනී සිටීමට නොහැකි වූ අතර ඔවුන් සඳහා විකල්ප දිනයක් ලබාදීමට කොරියා මානව සම්පත් අංශය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.

No comments

Powered by Blogger.