කොරියාවේ සිටින ලාංකිකයන් හදිසි අවස්ථාවකදි ලංකාවට ගෙන්වාගැනීමට සියල්ල සුදානම්
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් මුල් කර ගනිමින් ඇමරිකාව සහ උතුරු කොරියාව වාග් සංග්‍රාමයක නිරතව සිටිති.
ගුවාම් දූපතට කිසියම් දෙයක් සිදු වුවහොත් "විශාල විපතක්" බලාපොරොත්තු විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.
කෙසේ නමුත් සිය න්‍යෂ්ටික වැඩසටහන දිගටම කරගෙන යන බව උතුරු කොරියාව පවසයි.
මේ අතර නිල සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු කොරියාවට අසල්වැසි දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකිකයන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටිති.
ඉහළ යමින් පවතින කලාපීය උණුසුම හමුවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බව දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරිය මනීෂා ගුණතිලක කියා සිටියේ ලාංකිකයන් වැඩි වශයෙන් සේවය කරන ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනය කර මීට මාස 06 පමණ පෙර අදාළ සැලැස්ම සැකසීමට පියවර ගත බවය.
ඒ හා සම්බන්ධ වාර්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ සේවා අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශයට භාර දී ඇති බවත් තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
දෙරටේ නායක දෙපල අතර පැවති දුරකථන සංවාදය අතරතුර සියලු පාර්ශව සංයමයෙන් කටයුතු කිරීමේ සහ නොඉවසිලිමත්භාවය ඉහළ යාමට තුඩු දෙන වචන හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීමේ වැදගත්කම ජනාධිපති ජින් පින් අවධාරණය කළ බවත් එම වාර්තාවේ දැක්වේ.
රුසියාව, චීනය සහ ජර්මනිය
මේ අතර ඇමරිකානු ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ උතුරු කොරියාව සිය "කුපිතකාරී හැසිරීම" නවතා දැමිය යුතු යයි අදාළ දුරකථන සංවාදයේ දී දෙරටේ නායකයන් එකඟ වූ බවය.වොෂින්ටනය සහ ප්යොංයැං පාලනය එකිනෙකාට තර්ජනය කර ගැනීම මොස්කව් පාලනයේ කණස්සල්ලට හේතු වී ඇති බව රුසියාව පවසයි.
ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල් කියා සිටියේ උතුරු කොරියාවේ
න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් මතුව ඇති අර්බුදයට හමුදා විසඳුමක්
නොමැති බවය.
ඔබ දකුණු කොරියාවේ සිටින්නෙක්ද ?
එහි සේවයේ නිරත ඔබේ අත්දැකීම් හා අදහස් අප වෙත දන්වන්න.
දුරකතන :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
මුලාශය : BBC Sinhala
මුලාශය : BBC Sinhala



Leave a Comment