රෑට නිදාගන්නෙ ෆෝන් එකත් එක්කද

අද අපි කතා කරන්න යන්නේ හැමෝටම වැදගත් දෙයක් ගැන. මොකද අද වන විට ගොඩක් අයගේ පුරුද්දක් තමයි ජංගම දුරකථනය නිදාගන්නකොට කොට්ටය ලග තියන් ඉන්න එක.සාමාන්‍ය පුද්ගලයන් 10ක් ගත් කළ ඉන් 8ක්ම මෙයට ඇබ්බැහි වී තිබෙනවා.බොහෝ දෙනා උදෑසන අවදි වීම පහසු කරගන්න ජංගම දුරකථනය භාවිතා කරනවා.තවත් සමහරු ෆේස්බුක් හො අන්තර්ජාලයේ වෙනත් කාර්‍යක් කරලා දන්නෙම නැතුව ෆොන් එක ලග තියන් නිදාගන්නවා.නමුත් නූතන විශ්ලේෂණවලට අනුව පෙනී යන්නේ මෙය සෞඛ්‍යට විශාල ලෙස අහිත කර බවයි.
මෙහිදි මුලින්ම ජංගම දුරකථනය අදුරේ භාවිතා කිරීමය පවා ශරීරයට හානිකර බව සොයාගෙන තිබෙනවා.බොහෝ ජංගම දුරකථන සහ ටැබ්ලට් තිරයන්ගෙන් නිකුත් වනුයේ නිල් පැහැති ආලෝකයක්.එය නින්ද උත්තේජනය කිරීමට සමත් බව සොයාගෙන ඇති අතර දිගින් දිගටම මෙය සිදු කිරීම මගින් නින්දට ඇබ්බැහි විය හැකිය.රූපවාහිඛි තිර මගින් ද නිල් ආලෝකයක් නිකුත් වූවද ඇසට වඩාත් සමීප නැති නිසා එතරම් ගැටලුවක් වන්නේ නැත.
එසේම ජංගම දුරකථන මගින් නිතර නිකුත් කරන විකිරණයන් නිසා මොළයේ සෛලවලට හානි වීම සිදු විය හැකිය.මෙය ඉතා බරපතල සෞඛ්‍යමය ගැටලුවකි.මෙම විද්‍යුත් චුම්භක තරංගයන් මගින් හෘද රටාවන්ට හානි වීම පවා සිදු විය හැකිය.එහි අතුරු ප්‍රතිඵලයක්  ලෙස විවිධ රෝගාබාධ ඇති වීමට පුලුවන.ජංගම දුරකථනය නිදන ස්ථානයේ තබා ගැනීමෙන් මෙම අවධානය දෙගුණ තෙගුණ වෙනවා.අක්‍රමවත් නින්ද,හිසෙහි කැක්කුම,කන ආශ්‍රිත ආබාධ,මතක ශක්තිය පිරිහීම,පරිවෘතීය ක්‍රියාවන් අක්‍රමවත් වීම,එන්සයිමයන් ශ්‍රාවය වීම අක්‍රීය වීම,අලසකම,ඇස් පෙනීම දුර්වල වීම වැනි රෝග තත්වයන් මේ හේතුවෙන් ඇති වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.එමෙන්ම මොළය ආශ්‍රිත පිළිකා තත්වයන් පවා ඇති වීමට ප්‍රධාන හේතුව ජංගම දුරකථන ලෙස හදුන්වා දෙන්න පුලුවන්.
ඔබ දැනටමත් මෙම රෝගයන්ගෙන් පෙලෙන්නෙකු නම් ඇතැම් විට එයට හේතුම මෙම ජංගම දුරකථනය විය හැකිය.නොදැනුවත් කම නිසා අකාලයේ ජීවිත රැසක් මෙම ජංගම දුරකථනය නිසා බිලි ගන්නවා.

No comments

Powered by Blogger.