නිවෙසත් රැගෙන අලුත් වාසයකට යන රටේ මිනිස්සු
මුළු ජීවිත කාලය පුරාවටම එකම ස්ථානයක එසේත් නැතිනම් එකම නිවසක ජීවත්වීමට බොහෝ දෙනකුට හැකිවන්නේ නෑ. විවිධාකාර වූ හේතූන් නිසා නිවාස මාරු කිරීමට සිදුවනවා. සමහර මිනිසුන් එක් එක් කාල වලදී විවිධ වූ ප්‍රදේශවල ජීවත් වෙන්නේත් මේ නිසා. එලෙසින් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු වීමේදී නිවසේ තිබෙන දෑ බොහොමයක් ඒ සමඟ රැගෙන යනවා. නමුත් ඔබ කෙදිනක හෝ අසා තිබෙනවාද තමන් ගොඩ නැඟූ මුළුනිවසම රැගෙන වෙනත් ස්ථානයක පදිංචියට යන මිනිසුන්â
අද මෙම පිටුව වෙන් වන්නේ මුහුදෙන් පවා තම නිවස රැගෙන යමින් අලුත් වාසස්ථානයකට පදිංචියට යන මිනිසුන් කොට්ඨාසක් ගැන කියන්නටයි.

අද මෙම පිටුව වෙන් වන්නේ මුහුදෙන් පවා තම නිවස රැගෙන යමින් අලුත් වාසස්ථානයකට පදිංචියට යන මිනිසුන් කොට්ඨාසක් ගැන කියන්නටයි.
චිලෝඒ (Chiloe) යනු ලොස් ලගොස් ප්‍රදේශයේ තිබෙන චිලී රටට අයත් දෙවැනියට විශාලතම දූපතයි. දරුණු කාලගුණික තත්වයන්ට හා කාලයෙන් කාලයට වෙනස්වන උදම් රළ වලට හසුවී පීඩා විඳින මෙම දූපත් වාසින්ට තම ගේ දොර රැගෙන වෙනත් ස්ථානයක පදිංචියට යෑමට එවිට සිදු වනවා. වර්තමානයේදී මොවුන් මෙලෙසින් ඉඩකඩම් හැරයාමට තුඩුදෙන හේතූන් ඉහළ යන උදම් රළ, වෙරළ ඛාදනය හා වගා බිම් වලට හානි වීම වැනි පාරිසරික හේතූන් වූවද මෙහි මූලය ශාපලත් ඉඩකඩම් වලින් පළා යෑම ගැන කියවෙන ‘පගාන්’ පුරාවෘතය හා බැඳී තිබෙන බව විශ්වාස කෙරෙනවා. මින්ගා නමින් හැඳින්වෙන මෙම සිදුවීමෙහි විශේෂත්වය වන්නේ එම වාසස්ථානය හැර යන විට තමන්ගේ නිවසත් රැගෙන අලුත් වාසස්ථානය වෙත ගමන් කිරීමයි. අති විශාල පරිශ්‍රමයක් අවශ්‍ය කරන මෙම ක්‍රියාවලියට විශාල පිරිසක් සහභාගි වනවා. අවට වෙසෙන ජනතාව එක්ව මෙය සිදු කරන අතර මේ සඳහා කිසිඳු මුදලක් අය කර නොගනී. එය මොවුන් සමඟ තදින් බද්ධ වී තිබෙන සම්ප්‍රදායයක් වන අතර යම් දිනක ඔහුට හෝ ඇයට මෙලෙසින් නිවස රැගෙන යාමට අවශ්‍ය වුවහොත් එවිට අන් අයගේ උදව් ලැබේ යයි සිතා මුදල් නොගෙන තම ශ්‍රම දායකත්වය මින්ගා වෙත ලබා දෙනවා.
ප්‍රථමයෙන්ම මින්ගා අවස්ථාවක් සඳහා දිනයක් යොදාගෙන එය අන් අයට දැනුම් දෙනවා. ඉන්පසුව පවුල පිටින්ම දූපත වටෙහි ගොස් යොදාගත් දිනයෙහි පැමිණ ඔවුනට උදව් වීමට ආරාධනා කරනවා. සමහර අවස්ථා වලදී නිවස තුළ තිබෙන දෑ සියල්ල හිස් කර නිවස පමණක් රැගෙන යන අතර තවත් අවස්ථාවලදී ගෘහභාණ්ඩ ඇතුළු දෑ සුරක්ෂිත ලෙසින් නිවස තුළ තිබියදීම නිවස රැගෙන යනවා. හරහට දැමූ විශාල ලී කොටන් මත තිබෙන නිවස හරකුන් විසින් ඉදිරියට අදිනු ලබන අතර අවට සිටිනා පුද්ගලයින් හරකුන් දිරිමත් කිරීමට කෑ ගසනු ලබනවා. නිවස මුහුද හරහා රැගෙන යාමට අවශ්‍ය වූ විට එයට පාවෙන සුළු ද්‍රව්‍ය ගැටගසා බාදිය අවස්ථාවේදී වෙරළේ තබා තිබෙන අතර වඩදිය අවස්ථාවේදී ජලය වැඩි වන විට නිවස පා වීමට පටන් ගන්නවා. එවිට ඇදගෙන යන බෝට්ටු දෙකක් මගින් අදාළ ස්ථානය වෙත නිවස රැගෙන යනු ලබනවා. සාර්ථක ලෙසින් නිවස අලුත් ස්ථානයකට රැගෙන ගොස් තැබූ විට එම ප්‍රදේශයම උත්සවශ්‍රීයෙන් පිරී යන අතර මෙය සංචාරකයන්ගේ ප්‍රියතම දසුනක් ලෙසින් ප්‍රසිද්ධ වී තිබෙනවා.


Leave a Comment