ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාව සමීප අහසේ

සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම පිණිස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බව පෙන්ටගනය පවසයි.
"ඕනෑම තර්ජනයක් පරාජය කිරීම සඳහා" ජනාධිපති ට්‍රම්ප් සතුව "විවිධ හමුදා ක්‍රියාමාර්ග" තිබෙන බව ප්‍රදර්ශනය කිරීම උතුරු කොරියාව සමීපයට ප්‍රහාරක යානා පිටත් කිරීමේ අරමුණ බව ද පෙන්ටගනයේ ප්‍රකාශිකා ඩනා වයිට් (Dana White) සඳහන් කළාය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර වාග් සංග්‍රාමය මෑත සති කිහිපය තුළ උත්සන්න විය.

No comments

Powered by Blogger.