බලන්න ඔයාගෙ හැටි ඔයාලට ඔහොම කවදාවත් ගායකයෙක් වෙන්න බෑ

කෙල්ලෙක් දාලා ගියාම මුළු ලෝකෙම අතාරැලා මැරෙන්න දගලන වුන් අතරේ වටින කතාවක්. 

ඔව් එක කාලෙක හිටියලු කොලු ගැටයෙක්.රූපයෙන් ලස්සන නැති කැහැටු ගැහුන ශරීරයක් එක්ක..හැබැයි මේ කොල්ලට තිබ්බ ලොකු හීනයක් බලාපොරොත්තුවක් ඒ කවද හරි මේ පුංචි රටේ ගායකයෙක් වෙන එක.ඉතින් පෙර වාසනාවකට වගේ කොළඹ රාජ්කීය විද්‍යාලයට යන්න මේ පුංචි කැහුටු කොල්ලට වාසනාව පෑදෙනවා.

එතනින් තමයි කොල්ලගෙ ජීවිතේ අනිත් පැත්ත හැරෙන්නෙ.පොඩ්ඩ පොඩ්ඩ සින්දු කියන්න පුලුවන් උනත් ඒක ඔප මට්ටම් වෙන්නෙ රාජකීය විද්‍යාලයේ සාගා වේදිකාවෙන්.ඉතින් ඒ ගුරුවරුන්ටත් හුගාක් පින්.ඉතින් ඔය අතර කොල්ලගෙ පියාගේ ව්‍යාපාර බිද වැටෙනව.අම්ම අමා දුකක් විදිනව කොල්ලව ලොකු මහත් කරන්න අම්මගෙ ලොකුම ආසාව වෙන්නෙ කොල්ලව ටයි කෝට් දාපු මහත්තයෙක් කරන්න..ඒත් කොල්ල කැමති ගායකයෙක් වෙන්න.

       ඒක පස්සෙම දුවනව.බාදක ආවත් නවතින් නෑ.දිගටම යනව..ඉතින් දැන් තමයි හොදම හරිය පටන් ගන්නෙ.පාසලේ 12 වසර වෙනකොට පාසල් ප්‍රේමයක් පටන් ගන්නව.තමන්ට වඩා හුගක් ලස්සන සල්ලි තියෙන කෙල්ලෙක් එක්ක.කොල්ල බොක්කෙන්ම ආදරේ කරනව කෙල්ලට අව්රුදු 2ක් විතර ආදරේ තියෙනව.කෙල්ලගෙ යාලුවො කියනව කෙල්ලට උබට පිස්සුද ඒ කොල්ලගෙ හැටි බලපන් පබයෙක් වගේ ඇට කටු ටික විතරයි ඔන්න ඔය කොල්ලව අතඇරපන් කියල අර කෙල්ලට කෙල්ලගෙ යාලුවො උපදෙස් දෙනවා.මේ අතර කෙල්ලගෙ ගෙදරින් සම්බන්දෙ දැනගෙන නොයෙක් ප්‍රශ්න දානව.ඒත් කතාව දිගටම යනව.කොහොම හරි කෙල්ලගෙ හිතත් වෙනස් වෙන්න ගන්නව.

 .කොල්ලව මග අරිනව.මේ කොල්ල මෝඩයෙක් වගේ ආදරේ කලා කියල හිතෙන්නෙ පස්සෙ ඒ කෙල්ලගෙ 17 වෙනි උපන්දිනේට කෙල්ලද පුදුම කරන්න කෙල්ලගෙ නම අතේ පච්චයක් කොටා ගන්නව..උපන් දිනේ දවසෙ පෙන්නන්න.හරි ආදරෙන් කෙල්ලව හම්බවෙන්න යනව කෙල්ල එන පන්තිය ලගට එතකොට කොල්ල උ/පෙ එහෙම කරපු ගමන්.කෙල්ල කොල්ල ලගින් බස් එකෙන් බැහැල නොදැක්ක වගේ යනව.කොල්ල කෙල්ලගෙ අතින් අල්ලනව සුභ උපන්දිනයක් කියල.කෙල්ල අත ගසල දාල මෙහෙම කියනව කොල්ලට.


 
*මේක දැන් ඇති මට ඔයාව එපා බලන්න ඔයාගෙ හැටි මගේ යාලුවොත් මට විහිලු කරනව.අම්මල අයියල බනිනව ඔයාලට ඔහොම කවදාවත් ගායකයෙක් වෙන්න බෑ ඔයාවයි මාවයි ගැලපෙන් නෑ.මේක නවත්තන්න මගේ පස්සෙ ආයෙ එන්න එපා ඔයාට කවදාවත් ගායකයෙක් වෙන්න බෑ*

 
කෙල්ල ඔන්න ඔහොම කියනව.කොල්ලගෙ ඇස් දෙකෙන් සට සට ගාල කදුලු බින්දු හතරක් පහක් වැටෙන්නෙ කොල්ල නොදැනුවත්වමයි.හැබැයි කොල්ල ඒ කදුලුත් එක්කම මෙහෙම කියනව කෙල්ලට.
*ඔයා මට කියන්නෙ මැරෙන්න කියලද? මම කැත ඇති හැබැයි හුගාක් ආදරේ කලා ඔයාට.ඔයා නිසා මම වැටෙන් නෑ.ඔයා බලන්න කවද හරි මම ලංකාවෙ ගායකයෙක් වෙනව එදාට ඔයාට මාව දකින්න ලැබෙයි මෙහෙම නෙමෙයි ටීවි එකෙන්.විදින්න තිබ්බ ජීවිතේ මම ඔයා නිසා විදෙව්ව ආයෙත් එහෙම වෙන් නෑ ..මම යන්නම් පරිස්සමෙන් ඉන්න*

 
මෙහෙම කියන කොල්ල එතනින් යන විදිය ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ..මෙහෙම යන කොල්ල ජිම් යනව ලස්සන වෙන්න එක එක දේවල් කරනව සින්දු පිස්සුව වැඩි වෙනව..ගායකයෙක් වෙන්න ටික ටික පාර කපාගන්නව..මුලින්ම සින්දුවක් කරනව ඒක තමයි දිලුම් තේජන අයිය සංගීතවත් කරපු දිලාන් අයිය පද රචනය කරපු *මේ ඇසින්* ගීතය ඉතෙන් ඒකෙන් ගොඩක් දේවල් ඉගන ගන්නව මේ ඉන්ඩස්ට්‍රි එක ගැන.


ඔන්න ඊලගට තමයි කොල්ලගෙ වාසනාව උදාවෙන්නෙ සදීප්ත අයිය සංගීත්වත් කරපු සජිත් වී චතුරංග මල්ලි පද රචනය කරපු *පෙනෙනාතෙක් මානේ* ගීතය එලි බහිනව..ඔන්න කොලව ටික පිරිසක් දැනගන්නව.නම චුට්ටක් හැදෙනව චුට්ටක් ජනප්‍රිය වෙනව.ඔහොම ඉන්න කොල්ල ගේම ගහගෙන එනව හිමින්..මේ අතර චතුර වර්නසේකර අයිය හම්බ වෙලා *පිං මදිද දන්නෙ නෑ* ගීතය මට කරල දෙනව හිතපු නැති විදියට මේක කතා බහට ලක් වෙනව ලංකාවෙ එක ශෝ එකක්වත් තිබුන් නැති ඒ කොල්ලට ලංකාව වටේම පොඩ්ඩක් ශෝ ලැබෙන්න ගන්නව.කොල්ල එදා කෙල්ලට කියපු දේ අද කරල පෙන්නුව.


 කෙල්ලො කොල්ලො දාල ගියාම මැරෙන එක නෙමෙයි හරි එයාලට වඩා හොදට අපි හැදෙන එකයි.ඉතින් මේ එදා අන්ත අසරන වෙලා හිටපු කරකියාගන්න දෙයක් නැතුව හිටපු ඒ කොල්ල තමයි අද *සමිත් සිරිමාන්න* කියන්නෙ.සමහර අය ආදරේ කරන සමහර අයට අදටත් විහිලුවක් උන ඒ චරිතෙ මම ඔව් ලැජ්ජ වෙන්න ඕනි නෑ ඇත්ත කියන්න..අහින්සක ආඩම්බරයක් මම ගැනම දැන් මට තියෙනව.ඉතින් ඔයාලට මම කියන්නෙ තමන්ගෙ හීන තමන්ගෙ බලාපොරොත්තු පස්සෙ දුවන්න විහිලු කරයි ගල් ගහයි කකුලෙන් අදී ඒත් තමන්ගෙ ගමන තමන් යන්න.මොකද විහිලු කරන කතා හදන කව්රුත් අපිට කන්න බොන්න ගෙනත් දෙන් නෑ.හොදින් මතක තියාගන්න අම්ම තාත්ත මල්ලි නංගි වගේ පව්ලෙ අයයි නෑදෑයො සුලු පිරිසකුයි.අතේ ඇගිලි ගානට අදු යාලුවො පිරිසකුයි විතරයි අපිට නැති වෙලාවට පිහිට වෙන්නෙ..ඉතින් ඔයාල හැමෝට බුදුසරණයි !අසාසිටි ඔබ සැමට ස්තූතියි! හැමදාම මගෙත් එක්ක ඉන්න..ජය වේවා..ඔය පොටෝ එකේ නොපෙනෙන කතාව ඒකයි..✌️💪 
👌කතාවේ සත්‍ය අසත්‍යතාවය නොදනිණි. කියවන්න ජීවිතයට දෙයක් ගන්න පුළුවන් වදන් ටිකක්.
උපුටාගත්තේ https://www.facebook.com/officialsamith පිටුවෙන්

No comments

Powered by Blogger.