ලෝකයටම ලොකුකම් කියන උ.කොරියාවේ අමුතු නීතී
කොරියාවේ
රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ
අතමිට සරු කර ගනිති. ඔවුන් යන්නේ දකුණු කොරියාවටය. එහෙත් උතුරු කොරියාවේ
රැුකියාවක් සොයා ගැනීමට ලෝකයේ කවරකු හෝ තැත් කරන්නේද යන්න සැක සහිතය.
කොරියාවේ උතුර දකුණ කොයි මොහොතේත් ඇවිලෙන සුළුය. කවදත් උතුර ලෝකයෙන් බොහෝ
දේ වසන් කරයි. ප‍්‍රකාශනයේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය තරයේ සීමා කර
තිබුණත් එරට ඇතැම් රහස් ලොවට හෙළිවී ඇත.
උ.කොරියාවේ වත්මන් පාලකයා කිම් ජොන් උන්ය. ජොන් උන් යනු එරට ජනප‍්‍රිය
නාමයකි. එය ගැහැනු පිරිමි භේදයක් නැතිව බොහෝ දෙනා භාවිත කරති. එහෙත් ඒ නම
දැරීමට දැන් අයිතිය ඇත්තේ කිම් ජොන් උන්ට පමණී. ඔහු එම නම නව දරුවන්ට තැබීම
තහනම් කර ඇත. එපමණක් නොව ජොන් උන් නම භාවිත කරන සියල්ලන්ම එය වෙනස් කර ගත
යුතුය. ඒ අනුව එක් අයෙකු වෙනුවෙන් සමස්ත ජනතාවකගේම නම් වෙනස් කෙරුණු රටකි
උ. කොරියාව.කිම් ජොන් උන් යනු සාහසිකත්වයට ප‍්‍රකට නායකයෙකි. ඔහුගේ මාමා කෙනෙකු මරා දමනු ලැබ තිබුණේ නිරුවතින් කූඩුවකට දමන ලදුව හාමතින් සිටි බල්ලන් 120කට කන්නට සලස්වමිනි. එරටදී බයිබලය හෝ අසභ්‍ය දේ කියවනු ලැබ අසුවුවහොත් මරණ දඩුවම නියතය. එහෙත් එහි මර්ජුවානා මත්ද්‍රව්‍යයක් සේ නොසැලකෙන අතර එය නීත්‍යානුකූල දෙයකි.
අප මෙන්ම ලෝකයේ බහුතරයක් භාවිත කරන ජෝර්ජියානු කැලැන්ඩරය 1997 සිට
උ.කොරියාවේ තහනම්ය. ඔවුන් ඒ වෙනුවට භාවිත කරන්නේ කිම් ජොන් උන්ගේ
මුත්තණුවන් වන කිම් ඉල් සුං ගේ උපන් දිනය වන 1912 අපේ‍්‍රල් 15වෙනිදා පදනම්
කරගෙන සැකසූ දින දසුනකුයි.
ඒ අනුව දැන් ඔවුනට ගත වෙන්නේ 102වන වසරයි.
එරට අගනුවර වාසය කිරීමට ලැබෙන්නේ සුවිශේෂී පැලැන්තියේ ලා සැලකෙන 10%ක පමණ
පිරිසකට පමණි. ඔවුන් සඳහා තට්ටු ගණන් උසැති සුඛෝපභෝගී නිවාස ඇති අතර ඒවා
විකිණීම, මිලදී ගැනීම හා කුලියට දීම එරට නීතිය අනුව බරපතළ වරදකි දැඩි
දඩුවම්වලට ලක්වූවත් හොර රහසේ එම කටයුතු කෙරෙන බව පැවැසේ.
උ. කොරියාවේ වරප‍්‍රසාද ලත් 10%ක පුරවැසියන් රිසිි සේ ආහාර පාන භුක්ති
විඳිද්දී සෙසු අයට ලැබෙන්නේ දිනකට ධාන්‍ය ග‍්‍රෑම් 250ක් පමණක් බව පසුගිය
අගෝස්තුවේ නිකුත් කෙරුණු වාර්තාවක දැක්වේ.
මේ කරුණු මෙසේ වුවත් ලොව විශාලතම ක‍්‍රීඩාගාරයකට හිමිකම් කියන්නේ ද මේ රටයි.
පියොන්ගියෑංහි ‘ungrado 1st’ නම් වන එහි වරකට පේ‍්‍රක්ෂකයන් 150,000කට
අසුන්ගත හැකිය. නායකයන් තිදෙනෙකු යටතේ එහි විශාල හමුදා සංදර්ශන පැවැත්වී
ඇත. ගිනස් වාර්තා පොතට අනුව මෙහි පැවැත්වෙන්නේ ලොව විශාලතම සංදර්ශනයි.
රටෙන් පිටට ඇමතීම තහනම් වූවත් එරට ජංගම දුරකථන භාවිතය ඉතා ඉහළ බව පැවැසේ.
එහෙත් ඩොලර් 500ක් තරම් වැය කර චීනයෙන් සිම් කාඞ්පත් හොරෙන් ලබා ගන්නා අය
එහි සිටින බව කියවේ. මේවා සපුරා තහනම් අතර අසුවුවහොත් බරපතල වැඩ සහිතව
දිගුකාලීන සිර දඩුවම් අත්වේ.
කොපමණ නීති තිබුණත් වැරදි කරන්නෝ වැරදි කරති. උ. කොරියානුවන් ලක්ෂ 2ක පමණ
පිරිසක් සිටින්නේ සිරගතව බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. දේශපාලන
සිරකරුවන්ද ඒ අතර වේ. කඳවුරු අපිිරිසිදු හා දුක් සහගත ඒවාය.
උ. කොරියාවේ පරිගණක ඇත්තේ වරප‍්‍රසාද ලත් සීමිත පිරිසට පමණි. අන්තර්ජාල
කටයුතු කළ හැක්කේද සීමා සහිතවයි. එද සමාගම් සඳහා අවම මට්ටමකිනි. ඊටද වෙබ්
අඩෙවි ඇත්තේ 5000ක් තරම් ප‍්‍රමාණයකි. රට තුළ විදේශ වෙබ් අඩෙවි තහනම්ය.
පරිගණක සම්බන්ධ සියලූ ක‍්‍රියාකාරකම් නිරන්තර අධීක්ෂණයකට ලක්වේ. 2014 වසරේ
ලෝක කුසලාන ක‍්‍රිකට් තරග එරටේ පෙන්වා තිබුණේ පැය 24ක් පමා කරමිනි. වසර
5කට වරක් පැවැත්වෙන උ.කොරියානු මැතිවරණයේ එකම අපේක්ෂකයා වන්නේ පාලකයාමය.
එබැවින් ඡන්ද 100%ක්ම ඔහුට ලැබෙන බව වාර්තාවී ඇත.
ATM යන්ත‍්‍ර නැති උ. කොරියාවේ විදේශිකයන් පවා භාණ්ඩ හා සේවාවන් සඳහා භෞතික
මුදල්ම භාවිත කළ යුතුය. රටේ දිලින්දන්ගේ සේයාරූ ගැනීම තහනම්ය. එමගින් රටේ
ප‍්‍රතිරූපයට හානි විය හැකි බැවිනි.
උ. කොරියාව යනු තම හමුදාව වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කර ඇති රටයි. එය
ඔවුන්ගේ අයවැයෙන් 33%ක් තරම් ඉහළ අගයක් බව පැවසේ. 12,000,000ක් පමණ වන එරට
හමුදාවෙන් 40%ක්ම කාන්තාවන්ය. පිරිමින් සඳහා වසර 12ක් ද කාන්තාවන්ට වසර
7ක්ද යුද මෙහෙය අනිවාර්යය වේ. මේ දෙපිරිසටම ලැබෙන්නේ සමාන යුද පුහුණුවකි.
එහෙත් කාන්තා සෙබළියන්ගේ සොඛ්‍ය පහසුකම් සතුටුදායක නොවන බව පැවසේ.
මෝටර් රියක් හිමි වන්නේ එරට හමුදාවේ උසස් නිලයන්ට පමණි. ප‍්‍රධානම
ප‍්‍රවාහන මාධ්‍යය පාපැදියයි. නවතම ප‍්‍රවනතාව බැටරි බලයෙන් ක‍්‍රියා කරන
චීන පාපැදියි.
කි.මී. 25,554ක් දිවෙන එරට මාවත්වලින් වැඩිහරිය දුහුවිලි පිරි අපිිරිසිදු
මාවත්ය. නිසි ලෙස සැකසී ඇත්තේ කි.මී. 724ක් පමණි. බහුතරයක් අක‍්‍රිය මාර්ග
සංඥා වෙනුවට රථ නියාමනය නිතරම කෙරෙන්නේ පොලීසියෙනි.
ලෝකයේ සාක්ෂරතාව ඉතා අඩු රටක් වශයෙන් උ. කොරියාව සැලකේ. එහෙත් පාලකයන්
පවසන්නේ සාක්ෂරතාව 100%ක් බවයි. එහෙත් එහි බොහෝ දෙනා එකෝඩියන් වාදනයේ
නිපුණයෝය. ඒ 90 දශකයේ සියලූ ගුරුවරුන් එකෝඩියන් වාදනය පුහුණු විය යුතුවූ
හෙයිනි.
උ. කොරියාවේ දරිද්‍රතාවද දරුවන් හා ගර්භනීන් අතර මන්දපෝෂණයද ඉතා ඉහළ බවයි
වාර්තා වන්නේ. සියොල් නුවර සරසවියකින් කෙරුණු සමීක්ෂණයකට අනුව ද.
කොරියානුවන්ට වඩා උ. කොරියානුවන් උසින් අඩු බව පෙනී යයි. ඊට හේතුව
මන්දපෝෂණය බව අනුමාන කෙරේ. එහෙත් උ. කොරියාව ලොව ඉහළම පලතුරු නිෂ්පාදකයෙකි.
තම වැසියන්ගේ කුසගිනි නිවනු වෙනුවට එරට පාලකයන් ප‍්‍රධාන වශයෙන් චීනයට
පලතුරු අපනයනය කරයි.
කොරියානු යුද්ධයෙන් පසු උ. කොරියාවේ දකුණට මායිම් වන පෙදෙසේ ඉදිවූ නගරයකි
කිජොං-ඩොං. එහි අරුත සාම ග‍්‍රාමයයි. දකුණු කොරියාවේ ප‍්‍රහාරවලට ඉලක්ක වන
සේ ගොඩනගා ඇති මේ නගරය පෙනුමට කෙරුණු ව්‍යාජ ඉදිකිරීමක් මිස කිසිවෙක් එහි
ජීවත් නොවෙති. 
ජීන්ස් ඇඳීම තහනම්ව ඇති උ. කොරියාවේ තරුණයන් නායක කිම් මෙන් කොණ්ඩය කැපිය
යුතු බවට වන නීතියකි. කාන්තාවන් තම කොණ්ඩය කැපිය යුත්තේ රජයේ අනුමත මෝස්තර
28න් එක් ක‍්‍රමයකට මිස හිතුමතේ නොවේ.
උ. කොරියාවේ ක‍්‍රියාත්මක වන්නේ එහි නායකයාගේ ආඥාදායකත්වය පමණි. ඔහු සිටින
රැුස්වීම් ආදියේදී නිදා වැටුණු හමුදා ප‍්‍රධානීන්ට වුව සිදුවූයේ ජීවිතයෙන්
වන්දි ගෙවීමටයි. එය ද ගුවන් යානා නාශක තුවක්කු රැුසකින් කිහිපදෙනෙකු විසින්
වෙඩි තැබීම වැනි ඉතා කුරිරු දඩුවමකිනි. එහෙත් ඔවුන් ලෝකයට නිකුත් කරන
ඡුායාරූපවල දැක්වෙන්නේ ඉතා සතුටින් සිනාසෙන ක‍්‍රීඩකයන්, කාන්තා සෙබළියන්
හා දරුවන් වැනි පිරිස්ය.
උ. කොරියාව ගැන මේ තරමින් හෝ තොරතුරු වාර්තා වන්නේ ඉන් පැන එන පිරිස්වලිනි.
හිතුවක්කාර ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් කරමින් දැන් උ. කොරියාව ලෝකයටම
තර්ජනයක් වෙමින් සිටී. එහි ප‍්‍රතිඵලය නම් කිසිසේත්ම ලොවට හිතකර නොවනු ඇත.
ලක්බිම පුවත්පත

Leave a Comment