ලංකාවෙ ටීචර්ලා ටයිප් 8ක්
ගුරුවරුන් ලබාදුන් ඔවදන් සහ දැනුම් සම්භාරයන් නිසා තමයි අපි අද මෙතන
ඉන්නේ ඒක ගැන වාදයක් නැහැ. නමුත් ඒ ගුරුවරු අතරෙත් අපි ආසා කරපු ගතිගුණ
එහෙමත් නැත්නම් අපිව තරහා ගස්සපු ගතිගුණ තිබ්බ ගුරුවරු හිටියා. ඒ අතරේ
ගුරුවරියන්, එහෙමත් නැත්නම් ටීචර් මිස්ලා, මැඩම්ලා විශේෂයි. ඒ ටීචර්ලා මතක්
වෙනකොට අද වෙනකොට මුවඟට සිනහවක් නැගෙන්නේ පුංචි ගෞරවයක් එක්කයි.
ඉතින් ඒ විදිහට අපිට පාසැල් කාලය තුළදී හම්බුවෙච්ච විශේෂ ගති ලක්ෂණ තිබ්බ ටීචර්ලා වර්ග කිහිපයක් ගැන තමයි මේ සටහන.

Source – campusnorth.com
පන්තියට පැමිණෙයි. ආයුබෝවන් කියයි. පොත පෙරලා විනාඩි 10ක් තේරුම් කර
දෙයි. කළු ලෑල්ලේ ප්‍රශ්න පහක් ලියන ඈ ඒවාට පිළිතුරු ලියනා ලෙස කියා පොතක්
පෙරළා ගනී. ඉන් පසුව ඇගේ පුටුව මේසය හැරෙන්නට මුළු පන්තියම උස්සං ගියත් ඈට
වගේ වගක් නැත. පීරියඩ් එක අවසාන වෙන බෙල් එක වදිනා තුරුම ඈ පොතත් එක්ක සුව
නින්දේය. අපිට පුල් ආතල් ය.!! ඈ අපේ ප්‍රියතම ගුරුවරුන්ගෙන් එක් අයෙක්
වන්නේ එනිසා ය.

Source – huffingtonpost.com
සාමාන්‍යයෙන් පන්ති කාමරයට එන්නේ අඩුම තරමේ විනාඩි 10ක් වත් පරක්කු
වීලායි. පොතේ ඇති උදාහරණ ටික කළු ලෑල්ලේ හදා අපිට පැහැදිලි කර දී, ගණන්
පොතේ එක අභ්‍යාසයක් කරන්නට කියයි. ඉන් පසුව ඈ නිවී හැනහිල්ලේ කල්පනාවේ
නිමග්නය වෙමින් සිටී. එහෙමත් නැත්නම් අත්‍යාවශ්‍ය කාර්යාලීය වැඩකටය කියා
නැවත පන්ති කාමරයෙන් පිටත්වී පීරියඩ් එක අවසාන වන්න ලංවෙද්දී නැවත එයි.
හදිසියේවත් ඩබල් පීරියඩ් සෙට් වුනොත් ඉඳ හිට දෙවන පීරියඩ් එකේ අන්තිම
හරියේදී කොටන් කිහිපයක් ද ඉරන්නට සෙට් වෙයි.

Source – ciniway.in
ඈ සිටියේ අපේ ආර්ථික විද්‍යා ගුරුතුමිය ලෙසය. “ආර්ථික විද්‍යා පදනම”
නමැති පොත මෙලොව පහල වී නොතිබුනා නම් පුස්ථකලතා මිසුත් මෙලොව නැති බව අපේ
පන්තියේ එකෙක් කිව්වේය. පොතේ ඇති එකදු ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් නොකොට
පොතේ ඇති සටහන එලෙසින්ම ලියාගන්නට දෙන ඈ තම ඉගෙන්වීම් ගැන බොහොම ආඩම්බර
වුවාය. එහෙත් අපේ ලකුණු අඩු නිසා දෙමාපියන්ගෙන් ඇසු බැනුම් වලින් අඩුවක්
නොවී ය.

Source – youtube.com/Malith , Samitha and Iraj-Mathaka Mandira
විනාඩි 40ක කාල පරිච්ඡේදයකට පසුව අපේ දෙසවන් රිදෙන්නට ගන්නේ නම් ඈගේ
සැමියා වසර විසි ගණනක් ඈ හා කෙලෙස විසුවා දැයි අප අතර බොහෝ විද්වත් සාකච්ඡා
ඇතිවිය.
“අපරාදේ බෙල් එකකට කරන්ට් එක වියදම් කරන්නේ අපේ ජීවන කුසලතා මිස්ට පොඩ්ඩක් හයියෙන් කෑගහන්න කිව්වා නම් හරි”
යයි ප්‍රින්සිපල් ඉදිරියේ කට හැකර සුමේධයා කියා තිබේ. ඒ ඇසුණු ප්‍රින්සිපල් කිසිවක් නොකියා නෑසුණු ගාණට එතනින් ගොස් ඇත. ගුරුවරයෙක් සිසුවෙක් නිවැරදි බවට පිළිගත් මේ සිදුවීම අපේ පාසල් ඉතිහාසයේ එවන්වූ ප්‍රථම සහ අවසානම සිදුවීම වශයෙන් අදද අපේ සමකාලීන් විසින් සලකනු ලබයි.

Source – youtube.com/Shan NK-Dutuwa Dine
අපේ පාසල් ජීවිතේ සිහිනයක් වූවා නම් ඒ ඈ දැකීමය. රූපයෙන් අගතැන්පත් ඈ
අපදෙස බලා රැව්වත් හිතට ඇතිවන්නේ පුදුම සතුටකි. සෑම වසරකම සිසුවෙකුගේ පැතුම
ඈගේ පීරියඩ් එකක් තමන්ගේ කාල සටහනේ තිබෙනවා දැකීමය.
එමතු නොව ඉස්කෝලේ සර්ලා වුවත් ඈ අසලින් යනවිට පෙර නොදුටු විනෝදකාමී බවක් පෙන්වන්නට ගොස් කුජීත වන අවස්ථා අප දැක ඇත. ඒවා දැක අපට ශ්‍රියානි අමරසේන සමග නර්තනයේ යෙදෙන ගාමිණි ෆොන්සේකා මතක් වෙයි. අපි උසස්පෙළ පන්ති වලට ගියත් සමහර අවස්ථා වල සාමාන්‍ය පෙළ සිසුන් සේ ගොස් විෂය කරුණු පැහැදිලි කරගන්නට ඈ වටා රොක්වුණෙමු.
හම්මේ!! මතක් කලත් තියෙන සනීපෙ!!!

Source – numerounity.com
තමන්ගේ ඕනෑම උදාහරණයකට ඈ පාදක කරගන්නේ තමන් විදේශ ගමනකදී ලද අත්දැකීමකි.
මෙහි එක වාසියක් ඇත. එය නම් ඇයට ඕනෑම කෙප්පයක් ඇත්තක් බවට පත් කර කිවිය
හැකි අතර ඒවා සිසුන් වන අපි ගොනුන් මෙන් ඒවා පිළිගන්නා නිසා පාඩම කරගෙන
යන්නට පහසුවීමය.
“You Know Children, When I Was in Japan මම ජපානේ ඉන්න කාලේ”
කියමින් ඈ කියන බොහෝ දේවල් අපි අසා සිට ශිල්ප ලබනු මතක් කිරීමත් මිහිරිම මතකයකි.

Source – chanchal.co
පීරියඩ් එක ආරම්භ වූ විගසම පන්තියට එන මේ ටීචර් අපි ආයුබොවන් කියා
ඉඳගන්නටත් කලින් පාඩම කියවන්නට පටන් ගනී. ඇගේ ඉගැන්වීම වගේම පාඩම් කියවීමද
හරිම වේගවත්ය. ඇයත් සමග ගෙවන පීරියඩ් එක රේස් එකක් දුවනවා වැනි අත්දැකීමකි.
ඇය කියවාගෙන යන වේගයට ලියන්නට තියා හිතන්නටවත් බැරිය. හිමින් කියන්නටැයි
ඉල්ලීමක් කලවිට පේළියක් දෙකක් විතර හිමින් කියවන ඇය නැවත සීග්‍රගාමී
කියවීමට අවතීර්ණවේ. ඇගේ පීරියඩ් එකක් යනු ඇඟිලි, වැළමිටි, මැණික් කටු
වෙහෙසවමින් විනාඩි හතලිහක් පමණ තිස්සේ කරන ව්‍යායාමයක් බඳුය.

Source – youtube.com/Deweni Inima | Episode 51
මේ ටීචර් අපේ පන්තියට උගන්වන වේලාවට තබා ඇය වෙනත් පන්තියක උගන්වද්දී
වුවත් ඒ අසලින් යාමට අපි අකමැතිය. ඕනෑම වේලාවක පන්තියේ සිටින හෝ පන්තිය
අසලින් යන ළමයෙක් ලවුවා කරවගන්නට වැඩක් ඇයට ඇත. ස්ටාෆ් රූම් එකෙන් වතුර
එකක් ගෙන ඒමේ සිට අහවල් වසරේ අහවල් පන්තියේ උගන්නන අහවල් ටීචර් වෙත ඇගේ
පණිවුඩ ගෙනයාම දක්වා වන විවිධාකාර වැඩ අප හට පැවරේ. අයිස් ගසන්නට කැමති
සමහර උන් නම් ඒ වගේ වැඩක් පැවරෙනකම් සිටින්නේ පුල පුලාය. එවිට පණිවිඩේ
මුවාවෙන් පීරියඩ් එකෙන් භාගයක් පමණ නාස්ති කොට නැවත පැමිණිය හැකි බැවිනි.
උපුටාගැනීම අන්තර්ජාලය
ඉතින් ඒ විදිහට අපිට පාසැල් කාලය තුළදී හම්බුවෙච්ච විශේෂ ගති ලක්ෂණ තිබ්බ ටීචර්ලා වර්ග කිහිපයක් ගැන තමයි මේ සටහන.
1. මිස් නිදිකුම්බර
2. මිසිස් ග්ලැසියර්
3. පුස්ථකලතා මැණිකේ
4. මිසිස් කැස්ටෆියුරේ
“අපරාදේ බෙල් එකකට කරන්ට් එක වියදම් කරන්නේ අපේ ජීවන කුසලතා මිස්ට පොඩ්ඩක් හයියෙන් කෑගහන්න කිව්වා නම් හරි”
යයි ප්‍රින්සිපල් ඉදිරියේ කට හැකර සුමේධයා කියා තිබේ. ඒ ඇසුණු ප්‍රින්සිපල් කිසිවක් නොකියා නෑසුණු ගාණට එතනින් ගොස් ඇත. ගුරුවරයෙක් සිසුවෙක් නිවැරදි බවට පිළිගත් මේ සිදුවීම අපේ පාසල් ඉතිහාසයේ එවන්වූ ප්‍රථම සහ අවසානම සිදුවීම වශයෙන් අදද අපේ සමකාලීන් විසින් සලකනු ලබයි.
5. මල්කුමාරි ගීතරාණී
එමතු නොව ඉස්කෝලේ සර්ලා වුවත් ඈ අසලින් යනවිට පෙර නොදුටු විනෝදකාමී බවක් පෙන්වන්නට ගොස් කුජීත වන අවස්ථා අප දැක ඇත. ඒවා දැක අපට ශ්‍රියානි අමරසේන සමග නර්තනයේ යෙදෙන ගාමිණි ෆොන්සේකා මතක් වෙයි. අපි උසස්පෙළ පන්ති වලට ගියත් සමහර අවස්ථා වල සාමාන්‍ය පෙළ සිසුන් සේ ගොස් විෂය කරුණු පැහැදිලි කරගන්නට ඈ වටා රොක්වුණෙමු.
හම්මේ!! මතක් කලත් තියෙන සනීපෙ!!!
6. ජැපනීස් එන්සඵලයිටීස්
“You Know Children, When I Was in Japan මම ජපානේ ඉන්න කාලේ”
කියමින් ඈ කියන බොහෝ දේවල් අපි අසා සිට ශිල්ප ලබනු මතක් කිරීමත් මිහිරිම මතකයකි.
7. මිසිස් උසේන් බෝල්ට්
8. මිසිස් එක්ස්ට්‍රා ඇක්ටිවිටීස්
උපුටාගැනීම අන්තර්ජාලය
Leave a Comment