ඇපල් සමාගම ගැන අමුතු කතා 10ක්.

අද ලෝකයේ පවතින දැවැන්ත සමාගම් පිළිබද ලේඛනයක් සකස් කරන්නේ නම් ඇපල් සමාගම (Apple inc.) එහි ඉහලින්ම වැජඹෙනු ඇත. වර්ෂ 1976 අප්‍රේල් 01 වනදා, ස්ටීව් ජොබ්ස්, රොනල්ඩ් වේන් හා ස්ටීව් වොස්නියාක් යන තිදෙනා විසින් කැලිෆෝනියාවේදී ආරම්භ කරන ලද ඇපල් සමාගම, පරිගණක උපාංග, මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත්ව අවසන්. ඇපල් තාක්ෂණික උපාංග බිලියනකට අධික ප්‍රමාණයක් ලොව පුරා භාවිතා වන අතර එහි වත්කම් ප්‍රමාණය ඇමරිකානු රජයටත් වඩා වැඩි බව වාර්තා වනවා. මෙම ලිපිය දිගහැරෙන්නේ ලෝකප්‍රකට ඇපල් සමාගම ගැන ඔබ මෙතෙක් දැන නොසිටි කාරණා දහයක් පිළිබදවයි.
foundes

#10

2011 ජූලි වන විට, ඇපල් සමාගමට අයත් බැංකු ගිණුමේ තැන්පත් කර ඇති මුදල ඇමරිකානු රජය සතු මුදලටත් වඩා වැඩිය.
b05foc_284971k

#09

itunes භාවිතා කිරීමේදී, කිසිදු ඇපල් උපාංගයක් න්‍යෂ්ටික අවි නිපදවීමට යොදා නොගන්නා බවට එකඟතාවයකට එළඹීමට සිදුවේ.
19g0dseuuoeyxjpg

#08

ඇපල් සමාගමේ කෘතිම බුද්ධි වැඩසටහන වන සිරිට (Siri) ඔබ පවසන සෑම දෙයම පාහේ ඇපල් සමාගම විසින් ගබඩා කරගනී.
2016-05-24-image-21

#07

ඇපල් පරිගණක අසල දුම්පානය කිරීම, පරිගණකයේ වගකීම් සහතිකය අවලංගු වීමට හේතුවක් වේ.
5-smoking-voids-apple-warranty

#06

ඇපල් සමාගමේ මූලස්ථානයේ රැකියාවේ නියුතු සේවකයන් වාර්ෂිකව උපයන මුදල සාමාන්‍යයක් ලෙස ගත් විට ඇමරිකානු ඩොලර් 125,000 කි.
retailemployees

#05

ව්‍යාජ ඇපල් උපාංග නිෂ්පාදනය කරන සමාගම් චීනයේ දක්නට ඇති අතර, ඒවා කෙතරම් සූක්ෂමද කියතොත් එම සමාගම්වල රැකියා කරන සේවකයන්ද, තම සමාගමේ නිෂ්පාදනය කරනු ලබන්නේ ව්‍යාජ උපාංගයක් බව නෙදනී.
2-chinas-fake-apple-store-is-so-realistic

#04

සෑම මිනිත්තුවකදීම ඇපල් සමාගම ඇමරිකානු ඩොලර් 300,000ක් උපයනු ලබයි.
10-apple-more-operating-cash-than-us-treasury

#03

Mission Imposible Ghost protocol චිත්‍රපටය තුල, මිනිත්තු 8කය ආසන්න කාලයක් ඇපල් නිෂ්පාදනයන් සඳහා ලබාගෙන ඇති අතර ඒ සදහා ඇස්තමේන්තු ගත දැන්වීම් ගාස්තුව ඇමරිකානු ඩොලර් මිලියන 23කි. නමුත් ඇපල් සමාගම එය ලබාගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම නොමිළේ ය.
512088

#02

ඇපල් සමාගමට, බ්‍රසීලයතුළ iphone යන වෙළද නාමය භාවිතා කළ නොහැක. එයට හේතුව වන්නේ Gradiente Eletronicas නම් සමාගමක් iphone වෙළද නාමය සඳහා වර්ෂ 2000දී ලියාපදිංචි වී සිටීමයි.
11-610x360

#01

iphone සඳහා භාවිතා කරනු ලබන ප්‍රොසෙසරය (Processor) ඇත්ත වශයෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ Samsung සමාගම විසිනි.
a5-processor-chipඋපුටාගැනීම අන්තර්ජාලයෙන්

No comments

Powered by Blogger.