ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට
මධ්‍යම
කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට දින කීපයක් තිස්සේ
ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම
සීඝ්‍රයෙන් ඉහළ නගිමින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති.
මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ වල ජල මට්ටම අද(22) පෙරවරු 06.00 වන විට පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙලින් අඩි 07 ක් හා අඩි 02 ක් වශයෙන් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජලාශ සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

Leave a Comment