අද ටෙස්ට් වරම් ලැබුණු අපෙ අලුත් වැඩ්ඩා
කොළඹ එස්. එස්.සී ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදීත් කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මාලින්ද පුෂ්පකුමාර ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකාවේ 141 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වෙයි.
වෙනස්කම් තුනක් සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා නැවතත් කැඳවා සිටිති. අසේල ගුණරත්න තුවාල ලබා සිටින හෙයින් මෙම තරගයට ක්‍රීඩා නොකරයි. ධනුෂ්ක ගුණතිලකට සහ ළහිරු කුමාරට ස්ථාන අහිමි වී තිබේ.
ගාල්ලේ තරගයේදී අර්ධ ශතකයක් (81) ලබාගත්තද ඉන්දීය පිල වෙනුවෙන් ස්ථාවර ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් නැවතත් කණ්ඩායමට කැඳවා සිටී.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සවස සැලසුම් කරමින් සිටි පරිදිම මෙම තරගය සඳහා ක්‍රීඩා කරන තනි වේග පන්දු යවන්නා වශයෙන් නුවන් ප්‍රදීප් කණ්ඩායමට එක්ව සිටී. සම්මත ආකාරයේ වමතින් දඟ පන්දු යවන්නන් වශයෙන් රංගන හේරත් සහ මාලින්ද පුෂ්පකුමාර කණ්ඩායමට එක්ව සිටින අතර ඩිල්රුවන් පෙරේරාද සමගින් දඟ පන්දු යවන්නෝ තිදෙනනෙකි.




Leave a Comment