ඊළග මාසේ ඉදන් ඩේටා ගාස්තු
අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමටද රජය තීරණය කර ඇති අතර මෙහිදී අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.
ඒ අනුව ඔබට එම මුදලටම අමතර තව ඩේටා 10% ක් ලබා ගත හැකිය.
අන්තර්ජාල බදු වැඩි කිරීමට පසුගිය වසරේ පියවර ගැණුනු අතර සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව එහිදී පැවසුනා. එම බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවුණා.
මෙම බදු සංශෝදනය ලබන සැප්තැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ.
පුවත් මුලාශ්‍රය නෙත් නිවුස්

Leave a Comment