ගේල් ආයෙත් පිටියට

ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට කැඳවා තිබේ.
ඒ, එංගලන්තය සමග පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාය.
ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් සංචිතයට කැඳවා ඇත්තේ වසර 02කට පසු වීම විශේෂත්වයකි.
මාලන් සැමුවෙල්ස් අවසන් වරට එක්දින තරගයක දී කොදෙව් කණ්ඩායම නියෝජනය කළේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදීය.
එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන සැප්තැම්බර් මස 19 වනදා මැන්චෙස්ටර්හි දී පැවැත්වීමට නියමිතය.
ගේල් අවසන් වතාවට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව පැවැති 2016 විස්සයි20 ලෝක කුසලාන අවසාන තරගයේදීය. විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ 35.32ක සාමාන්‍යයකින් යුතුව ලකුණු 1519ක් රැස්කර ඇති ගේල් එම ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලබා ගෙන සිටින කොදෙව් ක්‍රීඩකයා වෙයි. ශතක දෙකක්ද ඊට ඇතුළත්ව තිබේ.

No comments

Powered by Blogger.