උතුරු කොරියානු දේශසීමාවෙන් රුසියානුවන් ඉවත් කෙරේ


රුසියා - උතුරු කොරියා දේශසීමාව ආසන්නයේ සිටින රුසියානුවන් ආරක්ෂිත ස්ථානවෙත යැවීමට එරට බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව අද (30) තවත් මිසයිලයක් දියත් කිරීමත් සමඟ රුසියානු බලධාරීන් එම පියවර ගෙන තිබේ.
සිවිල් ආරක්ෂක නිලධාරීන් ද රුසියාවේ නැගෙනහිර කොටසේ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇතැයි ද ‘ක්‍රෙම්ලීනයට’ හිතවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.
රුසියා - උතුරු කොරියා දේශසීමාවේ සිටින රුසියානු වැසියන් 1,500ක් පමණ ආරක්ෂිත ලෙස ඉවත් කරන්නැයි වාචික නියෝගයක් එරට ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ලැබ ඇතැයි රුසියාවේ ආරක්ෂක සේවාවලට සමීප සබඳතා ඇති ‘ලයිෆ්.රු’ පුවත්සේවයට සම්බන්ධ සමාජ ජාල මාධ්‍ය වාර්තා කර තිබිණි.
රුසියාවත් උතුරු කොරියාවත් අතර සැතපුම් 24ක දේශසීමාවක් පවතින අතර සිවිල් වැසියන් ඉවත් කරන ලද්දේ කුමන ස්ථානයකින් ද යන්න නිශ්චිතව වාර්තා නොවීය. සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථානවෙත යොමු කිරීම ආරක්ෂිත පියවරක් බව වාර්තා කර තිබිණි.
ඬේලිමේල් ඇසුරිනි 055
එමෙන්ම පසුගියදා බී.බී.සී සිංහල වෙත දැක්වු අදහස් දැක්වු ශ්‍රී ලංකා තානාපතිවරිය මනීෂා ගුණතිලක කියා සිටියේනිල සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු කොරියාවට අසල්වැසි දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකිකයන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටිති.
ඉහළ යමින් පවතින කලාපීය උණුසුම හමුවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බව දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරිය මනීෂා ගුණතිලක කියා සිටියේ ලාංකිකයන් වැඩි වශයෙන් සේවය කරන ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනය කර මීට මාස 06 පමණ පෙර අදාළ සැලැස්ම සැකසීමට පියවර ගත බවය.
ඒ හා සම්බන්ධ වාර්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ සේවා අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශයට භාර දී ඇති බවත් තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර දේශපාලන විචාරකයන් අදහස් දක්වන්නේ
මේක සුබ ලකුණක් නොවෙයි. රුසියානුවන් කිසිම දෙයක් නිකමට කරන්නේ නැහැ. චීනයට හෝ රුසියාවට, උතුරු කොරියාව කරන යුධමය න්‍යෂ්ටික අත්හදා බැලීමේ තත්වය පාලනය කිරීමට හැකියාවක් නැත. කොරියානුවන්ට "උපදෙස් දී" ඔවුන්ගේ න්‍යෂ්ටික බෝම්බ වලින් සිය රට ආරක්ෂා කර ගැනීමට බලයත් හැකියාවත් තිබෙන එකම රට වන්නේ ඇමෙරිකාවයි. කියන දේ නාහන කෙනා උගත යුතු පාඩම උතුරු කොරියාව ළඟදීම ඉල්ලන් කෑමට සූදානම් වෙන බව නම් සක් සුදක් සේ පැහැදිලියි ....
- අන්තර්ජාලය ඇසුරින්- 

No comments

Powered by Blogger.