ලක් සයුරේ අලුත් නායකයා
නව නාවික හමුදාපතිවරයා ලෙස නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස සේවය කරන රියර් අද්මිරාල් ට්‍රැවිස් ජෙරමි ලියන්දුරු සින්නයියා මහතා අද (18) පෙරවරු 9.30 ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීමේ ලිපිය ලබාගත් බවට වාර්තා වනවා…1982 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති ට්‍රැවිස් සින්නයියා මහතා වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශුර ( තෙවරක් ) හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරය හොබවන ජෙනෙරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ලබන 21දා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර දැනට නාවික හමුදාපති ධුරයේ කටයුතු කරන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට නම්කර ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
කොමදෝරු ට්‍රැවිස් සින්නයියා ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලට සක්‍රීයව දායක වු අභීත දමිළ හමුදා නිලධාරියකි. නාවික ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණ දෙන නිලධාරියා ලෙසද ඔහු ක්‍රියා කර ඇත. 2010දි බීමතින් එවකට මාණ්ඩලික ප්‍රධානී පසුව නාවික හමුදාපති වූ සෝමතිලක දිසානායක (ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිගේ සොයුරා) ඔහු හට ජාතිවාදී ලෙස බැන වැදී පහර දුන්නේ අශික්ෂිත ආකාරයට ය. නාවික හමුදාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ එම සිදුවීම වුවද ඒ පිලිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය.
2011 ජනවාරි මස අද්මිරාල් සෝමතිලක දිසානායක නාවික හමුදාපති වීමත් සමගම ඔහුට විරුද්ධව පලි ගැනීම ඇරඹුනි. කොමදෝරු සින්නයියා ඒ වනවිට රියර් අද්මිරාල් නිලයට උසස් වීමට සුදුසුකම් ලබා තිබුනද එය ලබාදීම නාවික හමුදාපතිවරයා කල් දමන ලදී. 2011 අප්‍රේල් මාසයේ නාවික සෙබළුන් හතර දෙනකු අතුරුදන් වන විට උතුරේ උප-ආඥාපති වුයේ කොමොදෝරු සින්නයියාය. ඔහුව කොළඹට ගෙන්වා රියර් අද්මිරාල් වීරසේකරට එරෙහිව බොරු සාක්ෂි දීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපති ඇතුළු අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු බලපෑම් කළහ. නමුත් සිය සහෝදර ජ්‍යෙෂ්ඨ නිලධාරියාව නිකරුනේ පාවා දීම ප්‍රතික්ෂේප කළ ඔහු වසර තිහක පමණ සේවය කළ නාවුක හමුදාව හැර ගියේය.
වත්මන් රජය බලයට පත් වීමත් සමග නැවතත් නාවික හමුදා සේවයේ පිහිටවූ ට්‍රැවිස් සින්නයියා අද දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමේ ලිපිය ලබාගැනීමට නියමිතය




Leave a Comment