පොටෝ ගහන්න ගිහින් වැඩියෙන්ම මැරෙන අය ඉන්න රට
නවතම සමීක්ෂණයකට අනුව සෙල්ෆි ඡායාරූප ගැනීම නිසා වැඩිම දෙනෙක් ජීවිතය අහිමි කරගන්නා රට ඉන්දියාව බව සොයාගෙන තිබේ. 2014 මාර්තු මාසයේ සිට 2016 සැප්තැම්බර් දක්වා ඉන්දියාවේ අනතුරුවලින් සිදු වූ මරණ ප්‍රමාණයෙන් සියයට හැටක්ම සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ බව මෙහිදී සොයාගෙන තිබිණි. තමාගේම ඡායාරූපයක් ජංගම දුරකථනයෙන් ගැනීම සෙල්ෆියක් ලෙස හැඳින්වෙයි. මෙම සමීක්ෂණය ඇතුළත් වාර්තා හඳුන්වා ඇත්තේ 'මී, මයිසෙල්ෆ් ඇන්ඩ් මයි කිල්ෆි “ලෙසටය. සෙල්ෆි යන්න කිල්ෆි යන්න ලෙස හඳුන්වා ඇත්තේ ඉන් සිදුවන මරණය ගැන සලකා බැලීමෙනි. සෙල්ෆි මරණ වර්ගීකරණය කොට ඒවායින් සිදු වන මරණ වළක්වා ගන්නේ කෙසේදැයි තීරණය කිරීම සඳහා මෙම සමීක්ෂණය සිදුකොට වාර්තාවක් සෑදීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. කානගී මෙලන් විශ්වවිද්‍යාලය හා නවදිල්ලියේ පිහිටි සන්නිවේදන කටයුතු සඳහා වන ඉන්ද්‍රප්‍රස්තා ආයතනය එක්ව මෙම සමීක්ෂණය සිදුකරන ලදී. වසර එකහමාරක කාලයක් තුළ සෙල්ෆි නිසා ලොව පුරා වාර්තා වූ මරණ එකසිය විසිහතෙන් හැටහතක්ම සිදුව ඇත්තේ ඉන්දියාවේ බව සොයාගන්නා ලද්දේ මෙම සමීක්ෂණයෙනි.
මේ තත්ත්වය මේ වනවිට කෙතරම් භයානක වී ඇතිද යතහොත් මුම්බායේ පිහිටි සෙල්ෆි ගැනීමට ගොස් මරණ වැඩිම ගණනක් වාර්තා වූ ස්ථාන පහළොවක් නම් කොට ඒවා සෙල්ෆි ගැනීම තහනම් ස්ථාන ලෙස හැඳින්වීමට මුම්බායි පොලීසිය සූදානම් වෙයි. පසුගිය ජූනි විසිඅට වැනිදා සෙල්ෆියක් තම මිතුරියන් සමග ගැනීමට මැරයින් ඩ්‍රයිව් ලෙස හැඳින්වෙන මුහුදුබඩට ගියා. මුම්බායේ දහහත් හැවිරිදි යුවතිය කගේ මරණයෙන් පසු සෙල්ෆි ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ජංගම දුරකථන හරහා අනතුරු ඇඟවීමේ පණිවුඩයක් යැවීමටද පොලීසිය කටයුතු කොට තිබුණි. ”සෙල්ෆියක් ගැනීම ඔබේම ජීවිතය උදුරාගැනීමට ඉඩ හැරිමක් නොකරන්න” යනුවෙන් එම පණිවුඩයෙන් කියැවිනි. ප්‍රීති පිසේ නම් ඇය මියගියේ සෙල්ෆිය ගැනීමට නැගගත් කෙටි තාප්පය මතට වේගයෙන් ඇදී ආ මුහුදු රළකට ඇදීයාමෙනි.
මෑතකදී ඉන්දියාවෙන් වාර්තා වූ හා වඩාත් ප්‍රසිද්ධියක් ලැබූ සෙල්ෆි මරණ අතරින් එකක් වන්නේ මීනක්ෂි රාජේශ් නම් විසිඑක් හැවිරිදි ඉංජිනේරු සිසුවියගේ මරණයයි. බන්ද්‍රා හි පිහිටි මුහුදට ආසන්නයේ තාප්පය මතට නැග තම මව හා සොයුරිය සමග සෙල්ෆියක් ගැනීමට ගිය ඇය පය පැකිලී මුහුදට වැටී මිය ගියාය. ඒ 2017 මැයි මාසයේදීය. 2016 මැයි මාසයේදී තරානම් අන්සාරි නම් දහඅට හැවිරිදි සිසුවියද මියගියේ එම ස්ථානයේදීම තම මිතුරියන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මුහුදට වැටීමෙනි. මේ සම්බන්ධයෙන් කතාකරමින් ඉන්දියාවේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් පරම්ජීත් දහියා පවසන්නේ මුහුදු රළ උස්ව නැගෙන තැන්වල සෙල්ෆි ගැනීමෙන් ජනතාව වළක්වාගැනීමට පොලිස් ආරක්ෂාව එම ස්ථානවලට ලබාදී ඇති බවය.
“කාලගුණය අයහපත්වුණාම මුහුද ළඟට ගිහින් සෙල්ෆි ගන්න එපා කියලා අපි නිතරම ජනතාව දැනුවත් කරනවා. අපි විශේෂයෙන් ආරක්ෂාවට යොදවා තියෙන පොලිස් නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා අනතුරුදායක තැන්වල ඡායාරූප ගන්න ඉඩ දෙන්න එපා කියලා.” ඔහු කියයි.
ඉන්දියාවෙන් පිට මෑත කාලයේදී භයානක සෙල්ෆි ගැනීම් ගැන විශේෂ පුවතක් අසන්නට ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. ඒ වලසුන් සමග සෙල්ෆි ගැනීමය. බෙයාර් සෙල්ෆීස් ලෙස හැඳින්වෙන මෙම ඡායාරූප වලසුන් ගැවසෙන තැන්වල ගැනීම කෙතරම් දරුණු වූවාද කියතොත් ඇමෙරිකාවේ වනජීවී සේවය ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නට පියවර ගත්තේය. ඒ අතරේදීත් ඇතැමුන් වලසුන්ට උවමනාවට වඩා ළංවී ඡායාරූප හා වීඩියෝ ගන්නා බව වනජීවී නිලධාරීහු කියති. වලසුන් පසුබිමේ සිටියදී අනතුරුදායක ලෙස ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙක් පෙළඹෙන බව ඔවුහු වැඩිදුරටත් කියති.
මුලාශය www.lakbima.lk

Leave a Comment