ටෝක් කරන කෙල්ල ඔයාට අකැමැති වෙන්න හේතු 10 ක් මෙන්න


1.යාළු support 

ගොඩක් කෙල්ලෝ කැමති නෑ කෙලින් කතා කරන්ට බැරි කොල්ලන්ට බැරි  කොල්ලන්ට. හැබැයි ගොඩක් කොල්ලෝ කෙල්ලට ට්‍රයි කරන්නේ තවත් කෙල්ලෙක් ගේ හරහාය. සමහර කෙල්ලෝ කැමැත්තෙන් ඉඳලා බෑ කියනවා.කොල්ලම යන තුරාවටම ඉන්නවා , හැබැයි ඉතින් කෙලින් කියන්නේ නෑ . නමුත් කොල්ලා කරන්නේ තවදුරටත් යහළුවන්ගේ උදවු ඉල්ලීමයි .ඉතින් දිගින් දිගටම මෙහෙම වෙද්දී තවත් කෙනෙක් ඇවිත් කෙල්ලව අරන් යන්න පුළුවන්.

2.ඇඳුම් style 

ගොඩක් කොල්ලෝ හිතන්නේ විකාර විදියට ඇන්දහම ලස්සනයි කියලා .කලිසම වැටෙන්න ඔන්න මෙන්න ,ලොකු ලොකු ටී ෂර්ට් silver colour මාල කරාබු වලලු පුරවගෙන, කැප් එක පිටි පස්සට දාලා ,විකාර විදිහට රැවුල වවාගෙන ඉන්නවා.
ඒත් මචෝ අන්න ඒ දේවල් වලට කෙල්ලෝ කැමති නෑ.
හැම කෙල්ලෙක්ම වගේ කැමතියි වැදගත් විදියට ඇඳලා පැළඳලා ඉන්නවටයි .මෙන්න මේ නිසාත් කෙල්ලො බැහැ කියනවා

3. පම්පෝරි කතා

සමහර පොරවල් තමන්ට තිබෙන දේටත් වඩා වැඩියෙන් පම්පෝරි කතා කියනවා. ඒ කියන්නේ අපේ වචනයෙන් කිව්වොත් කෙල්ලො ඉස්සරහ රඟනවා. හැබැයි මචෝ රැවටුනු කෙල්ලෝ ඉස්සර ඉදියා. දැන් කෙල්ල කැමතියි තමන්ට තියන පමණට පොළවේ පය ගහල ජීවත්ව මෙන්න පුළුවන් කොල්ලන්ටයි.

4 .රැවුල සහ කොණ්ඩය ටින්කර් කිරීම

අපේ නව යොවුන් වියට පැමිණි කොල්ලෝ තමන්ගේ කොණ්ඩය රැවුල විවිධ පාටවලින් පාට කරලා ඉන්නවා. මේ වගේ කෙල්ලොත් ඉන්නවා හැබැයි ගොඩක් අයනම් මේවාට අකමැති තමයි කතා කරන්න යන කෙල්ල මත රඳා පවතිනවා.

5 .ඇවිදින රටාව
නිකමට බැලුවොත් අපිට පේනවා කොල්ලෝ එක එක අය එක එක විදියට ඇවිදිනවා.
මෙන්න මේ වගේ style වලට කෙල්ල කැමති නෑ කෙල්ලො කැමති ටිකක් කඩිසරව පෞරුෂයක් ඇතිව ඇවිදින පිරිමින්ටයි.
6 .කතා රටාව 

අපේ සමහර පොරවල් කතා කරන්නේ කෙල්ලො වගෙයි ඇඳලා ඇඳලා රටාවට කතා කරනවා.
පොඩ්ඩක් හිතපන් අද කාලේ කෙල්ලෙක් උනත් එහෙම කතා කරනවද කියලා. නෑනෙ බං .
ඉතින් කැමති වේවිද පොඩ්ඩක් ඒ ගැනත් හිතපං.

7 .පැහැදිලි අතීතය 

ගොඩක් අපේ කොල්ලො කලින් කෑලි කිහිපය කරපු එවුන් .ඒත් ඉතින් කෙල්ලෙක් දාගන්න ගියාම කතා කරන්නේ අඩු තරමේ කෙල්ලෙක්ගෙ මූණ දිහාවත් බලලා කතා කරලා නැහැ වගේ .
ඒත් අද කාලේ කෙල්ලෝ දියුණුයි .ඒ නිසා හැමදේම උන් හොයනවා. ඔබට කරන්න පුළුවන් හොඳම දේ ඇත්ත කියපන් .උබ එක්ක ඉන්න කැමතිනම් කීයක් කලින් ඉඳල තිබුණත් එයා ඉන්නවා.

8 .යහලුවො 

අපේ සමහර එවුනුත් ඉන්නවා උන්ට වැඩියෙන්ම ඉන්නෙ ගැහැණු යහළුවෝ කොච්චර කොල්ලෝ සිද්ධිය වුණාට මේ වගේ අය ඉන්නේ ම කෙල්ලො එක්ක ඉතින් ගැහැණු යහළුවා වැඩියෙන් ඉන්න කොල්ලන්ට කෙල්ලො කැමති නැහැ ඒකට නම් ඇඹලයෙක් කියාවි නැත්නම් පිරිමි භාගයක් කියාවි


9 බෝතල් සහ සිකරට් 

ඩ්‍රින්ක් එකක් අරන් සිගරැට් එක කටේ තියන් උරන කොල්ලන්ට කෙල්ලෝ කැමති වුණේ ගාමිණී ෆොන්සේකලා ඉඳපු චිත්‍රපටිවල විතරයි. හැබැයි ඇත්ත ජීවිතයේදී කෙල්ලෝ මේ දෙකටම කැමති නැහැ .

10 වචන භාවිතය 

අපේ ගොඩක් කෙල්ලො කැමති නැහැ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් නිවිලා කතා කරන කොල්ලන්ට, කොල්ලෙක් උනහම වචනයෙන් උනත් කොලු ගතියක් තියෙන්න ඕන .කෙල්ලෙක්ගෙ හිතේ ඇදෙන්නේ එහෙම කතා කරහම පොඩි විහිලුවක් එහෙම කරලා ඉන්න ඕන. අන්න එහෙම නැතිව මේ වෙලා කථා කරන්න කැමති වෙන්නේ නැහැ

No comments

Powered by Blogger.